ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් පුටුවට කාන්තාවක්

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දරගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමග එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇති බව සදහන්.
ඇය, මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්. පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවුණා
Thankyou 🤩🤩
Thankyou